Tuesday, August 16, 2011

පරසුද්න් හා කළුසුද්දන්ගේ වාචාලකම් හා "අතර පොර"


කෝට්ටේ බුවනෙකබාහු විසින් පර සුද්දන්ට කඩේ ගොස් කොට්ටේ රාජධානිය පරයන්ට කඩේ යන කලුසුද්දන්ගේ රාජධානීයක් බවට පත් කෙරුණේ මීට වසර 400කට එපිටදීය. ඒ නිසාවෙන්ම දෝ අද කෝට්ටේ අංගම්මඩුව (සැබවින්ම ඉලව්මඩුවකි) යයි නම් තබාගෙන කටයුතු කරන අංගම් චෞරයින්ද සුද්දන්ට ක‍ඩේ යන්නේ උන්ගේ පශ්චාත් භාගයේ දුර්ගන්ධය නොතේරෙන සුනඛයින් ලෙසිනි. සුද්දන්ට කඩේ යමින් කරුණාපාලගේ ඉන්ටනෙට් වීරත්වය පවත්වාගෙන යාමේ අසාර්ථක උත්සාහයක යෙදෙන ඉලව් මඩුවේ ‍එකෙකු කරන ලද ප්‍රකාශයක් ගැන කතා නොකරම බැරි ය.  ඉංගිරිසි කාරයන්ට කඩේ යන මූ කියන්නේ "ANGAM our great martial art not a someone's PRIVATE PROPERTY." යනුවෙනි. මූට මේක තේරුණාට ඉංග්‍රීසි ව්‍යාකරණය හැදෑරූ එකෙකුට නම් මුගේ නොදන්නාකම අවබෝධ කර ගැනීමෙන් ‍පසුව මිය මෙහි තේරුම තෝරාගත නොහැකි වනු ඇත. මන්ද මෙය ආඛ්‍යාත්යකින් තොර (ඉංග්‍රීසියෙන් නම් verb එකක් නැති) වාක්‍යයක් වීම ය. සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකෑමට දන්නා මුන් හරිහමන් විදිහට උන්ගේ භාෂාව වත් අධ්‍යයනය කොට නැත. කෙසේ වුවත් අපට ඒකෙන් වැඩක් නැත. මෙම ‍කරුණාපාල අංගම් චෞරයාගේ ගෝලයා ව්‍යාකරණ වරද්දමින් කියන කතාවේ හරය තුළ පහර ගසන්නේ අපට ය. එනම් අංගම්හොරු බ්ලොග් සමූහයට ය.  

අප විසින් කිසිඳ අවස්ථාවක අංගම්පොර යනු අපේ පුද්ගලික බූදලයක් ලෙස අර්ථ දක්වා නැති අතර එය සැබවින්ම අපේ පුද්ගලික දේපලක් නම් අප කරුණාපාලලාට කළ යුත්තේ කුමක්දැයි ද හොඳින් දනිමු. අංගම්පොර යනු "හෙළයන්ගේ" ගෞරවණීය දේපලකි. හෙළයන් යනු යක්ෂ, දේව, නාග ආදී ඉපැරණි හෙළ ගෝත්‍රයන්ගෙන් පැවත එන මේ රටට තම ප්‍රාණ සමානව ආදරය කරන සිංහලයන් මිස සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකමින් උන්ට අංගම්පොර නමින් ඉලව්වක් උගන්වමින් උන්ට පනික්කි තනතුරු දෙන හිවලුන් නොවේ. ඒ නිසාවෙන්ම කරුණාපාලලාට අංගම්පොර ගැන කිසිඳු අයිතියක් හෝ ආදරයක් නොමැති බව නම් අපි දනිමු. පර සුද්දා මෙයට කොමෙන්ටුවක් යොදමින් ප්‍රකාශ කරන්නේ අප විසින් අංගම්පොර මමය මගේය කියා ප්‍රකාශ කරන බවයි. ඒ හම්පඩ සුද්දා දන්නා තරම ය. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, අප්‍රිකාව වැනි අනුන්ගේ රටවල් අල්ලා ගනිමින් ඒ රටවල ස්වදේශිකයන් වලපල්ලට ඇද දමමින් තමන්ගේ පැවැත්ම ශතවර්ෂ ගණනාවක් සිට අනුන්ගේ ලේ කඳුළු තුළින් නිර්මාණය කර ගත් යුරෝපියයන් දන්නා අපේකමක් නැත. උන් අපේකමට කියන්නේ Ego (මමත්වය) කියා ය. මන්ද වෙනත් ජාතීන්ගේ සාරය උරාබීම ලෙයින්ම උරුම කර ගත් උන්ට අපේ කම යන්නේ ඇති උත්තරීතර භාවය වැටහෙන්නේ නැත. අපි උපන්නේ, ජීවත්වෙන්නේ හා මියයන්නේ අපේ කම වෙනුවෙන් බව පර සුද්දාගේ පශ්චාත් භාගය ලෙවකන මේ බත් බැලයින්ට වත් නොතේරීම අපේ ජාතීයේ අවාසනාව ය.

අනෙක් කරුණ වන්නේ අංගම් මඩු කිණිතබමින්, අප වීරෝධාර අංගම්පොර ශිල්පීන්ගේ දණහිසින් පහළට වෙඩි තබමින් මෙම ශාස්ත්‍රය විනාශ කිරීමට එදා උත්සාහ කළ පර සුද්දෙකුට මේ ශාස්ත්‍රය ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්ද යන්නයි. කික් බොක්ෂින් වැනි සටන් ක්‍රමයක් උගෙන ගෙන එය අංගම්පොර නම් උත්තරීතර නාමය භාවිතා කරමින් යුරෝපය පුරා විකුණමින් අප ජාතික කොඩිය, බුදු දහම හා අප සාම්ප්‍රදායික වටිනාකම් විකිණීමට පර සුද්දෙකුට බලපත්‍ර දුන් කරුණාපාලලාට සාප වනවා ඇත. කරුණාපාලලා මතක තබා ගත යුතු එක් සරළ සත්‍යයක් ඇත. එනම් බුදු රදුන්ට තෙවතාවක් පූජා කරන ලද මේ පින් බිමට  එහි සම්ප්‍රදායන්ට නිගරු කළ කිසිවෙක් හිතේ සතුටින් මිය ගියේ නොමැති බවයි. එම නිසා හතර අපායේ දොරටු දැනටමත් කරුණාපාලට විවෘත වී ඇති බවට සැක නැත. කරුණාපාලගේ පාරේ යමින් සුද්දන්ගේ පශ්චාත් භාගය ලෙවකන උන්ටද එකම ටිකට් එකකින් එම දොරටුව පසු කර ගත හැකි බව පසක් කරමු. මේ රටට හා මේ රටේ උත්තරීතර අංගම්පොර සම්ප්‍රදායට අරක්ගත් මහසෙන්, රාවණා ආදී දෙවිවරුන්ගෙ සාපයෙන් ඔබලාට මිදිය නොහැකි බව සිහි තබා ගත යුතු ය.

අංගම්පොර අතර පොර හා ඉතිහාස විකුර්තිය

කරුණාපාලයේ විකුර්ති ඉතිහාසයෙන් මනස කුරුවල් වූ බත් කන ගවයා අජන්තගේ වෙබ් අඩවියේ ඇති ලිපියක් උපුටා දක්වමින් මෙතන දී ප්‍රකාශ කරන්නේ "මුල්ලෙරියා සටනෙදි රෑ හැන්ගිලා කරපු මගුලක් නෑ. පරන්ගියා ගහනකොට මුල්ලෙරියා වෙලට ගෙන්නගන්න එතනට එනකල් පසුබැස්සා, එතනදි උන්ගෙ යකඩ සපත්තු මඩේ එරෙද්දි තුවක්කු ලෝඩ් කරන්න කලින් කඩු ගෑවා. 1600ක් පරන්ගි මැරුනා. රෑ හොරෙන් ගිහින් නිදාගෙන ඉන්න උන්ට කඩුවකින් කොටන්න තරම් ගෙම්බෙක්ද ටිකිරි කුමාරයා?". අජන්තලා හා කරුණාපාලලා ඕනෑතරම් ඉන්ටර්නෙට් එකේ අවලාද කියා ගත්තාට අපට කම් නැත. නමුත් නිවැරදි ඉතිහාසය විකෘති කරමින් ජන විඥානය විනාශ කිරීමට ශෝක ජනක ය. තම තමන්ගේ කාර්යයන් කර ගත යුත්තේ ඉතිහාසය අත නොතබමිනි. ලංකා ඉතිහාසයේ බිහිවූ ප්‍රභල රාජධානියක් වූ සීතාවක රාජධානියේ අග්‍ර ඵලය ලෙස ටිකිරි කුමරා නොහොත් පළමුවන රාජසිංහ රජතුමා ගෞරවයෙන් අදටත් ලංකාවේ සතර දික් භාගයේ සිටින අංගම්පොර ශිල්පීන් සිහිපත් කරන්නේ රාසිං දෙවියන් නමින් හඳුන්වමිනි. රාජසිංහ රජු යනු අජන්තගේ බූදලක් නොවේ. අජන්ත කොරතොට ආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම රාසිං දෙවියන් ඇදහිය යුතු ය. එයට හේතුව මුල්ලේරියා යුද්ධයේදී කොරතොට ආරච්චිවරුන් හා එකතු වී රාජසිංහයන් යුධ කළ නිසාවෙනි. පිටිපස්සේන් ගොස් බෙල්ල කැපීම අද යුද්ධ වලදී සිද්ධ වුවද ලංකාවේ කිසිඳු යුද්ධයකදී සිදු වී නැත. මුල්ලේරියා වෙල යනු සපත්තු එරීමට තරම් මඩ ගොහොරුවක් නොවේ. එය අදටද සනාථ කර ගත හැකිය. මුල්ලේරියාව වෙල අසලට වත් ගොස් නැති මේ බත් බැලයා තමන්ගේ මන දොල පුරවා ගැනීම සඳහා රාසිං දෙයියන්ට ද අපහාස කරනුයේ ඌ දන්නා මඟුලක් නැති බව නොකියා අනෙක් අයට පසක් කරමිනි. 

පෙර අවස්ථාවේදී ඉතිහාසය දන්නාක් මෙන් කථා ගළ මොහු
"මං කිව්වේ ඇත්තද?" කියා ‍අපගෙන් අසන්නේ දෙවනුව ය.
පරංගීන්ගේ තුවක්කුවල උණ්ඩ හිරවෙන්නට මැතිරීමට හැකියාව ඇති මායා අංගං කරුවන් එදා සිටි අතර උණ්ඩ කොටා කොකා ගැස්සීමට පෙර උන්ගේ බෙල්ලට පැන කපා දෙපලු කිරීමට අප වීර සෙබලුන් එදා සමත් විය. මේ බව රාජාවලියේ පැහැදිලිව සඳහන් වේ. ‍විකි බුක්ස්හි ඇති මෙම ලිපියේ පිටු අංක 226 සිට කියවන්න. "මායාදුන්නේ රජ උකුත් වූ බව අසා ධර්මපාල රජ කෝට්ටේ සේනාවත් ප්රාතිකාල් සේනාවත් පිටත්ව ඇවිදින් මාඒදණ්ඩේ වාඩි ලූවාහ. පසුවදා වේරගොඩ යන ගම වාඩි ලූවාහ. මාඒදණ්ඩට ප්රවතිකානෝ ආ හැටියේ ම සීතාවකට ගොසින් යුද්ධයට එන බව රාජසිංහ රජ්ජුරුවන්ඩ සැළ කළ විට මහාසේනාව පිරිව‍රාගෙන රාජසිංහ රජ හේවාගම වාඩි ලා සිට වික්රනමසිංහ මුදලින් පෙරමුණේට ගොසින් මුල්ලේරියාව යන ගමදි ප්ර්තිකානුන් දැකලා යුද්ධපුණ්ඩුව වික්රලමසිංහ මුදලි‍නගෙන් දහස් ගණන් සේනාව වැටී වික්රාමසිංහ මුදලින් තුවාලව බිඳී හේවාගමට ගියාහ. ප්රනතිකානෝ කොටා ජයගෙන මුල්ලේරියාවේ වාඩි ලූවාහ. වික්ර මසිංහ මුදලින් බිඳී ගියසැටි රාජසිංහ රජු දැකලා වමදකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හැ අතුරුගිරි කෝරළය හේවාගම කෝරළය කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදාදොළහ හේවයින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා ප්රපතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්සපොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දරබාගෙන් වීරහස්ති කියන ඇතා කොඩියක් ගතිය. විජයසුන්දරබාගෙ ෙළුරාවණයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට පැනනැගී මහාසේනාව පස්සට වෙන්ඩ නෑර ප්ර තිකාන්න්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනඟත් එකට කලබැගෑනිව ප්රවතිකානුන්ගේ තුවක්කුවල‍ට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කාරයොත් ප්රබතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්රාතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණයුද ‍ගිනිකෙළි කළ කොටන විට දුරුතුමස මිහිදුම් මෙන් වෙඩිදම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේවතුරු කොට ප්රිතිකාල් සේනාවට අඩියක්වත්  පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් සසියයක් ප්රයතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන කීපදෙනෙකුත් කොටා වැටුණාහ. රාජසිංහ රජ රණකෙළි කෙළ ජයගෙන කොරතොට  හේවාගම ආරච්චිවරුන් හා හෝකන්දර රදාහේවා දොළහ ළඟට ගෙන්වා පස්ස පොරොත්තුවට පැනලා කෙටුවාට තාන්නමානන් දී අද පටන් හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරළය නම් තිබා වදාරා එදා පටන් හේවාගම් කෝරළය නම් පැවත එනවයි දැනගත යුතුයි. පාස්සවාංගුව ගෙන සිට කඩුදෙවොල රග්ගහවත්ත අමුණුගිල්ම බදවා කොටුවක් බඳවා කාලතුවක්කුත් කොටුදෙකොණින් හදවාගෙන කඩුදෙවොල රග්ගහවත්තෙන් පහළ ගම්වල හිර හීතාවකට පිටත් කර ඇරලා ඒ ගම් පාළුකර හීතාවකට වැඩිසේක."

මෙයට අමතරව ඉන්දික විතානගේ විසින් ලියන ලද "ඉතිහාසය තුළ සඟවනු ලැබූ සීතාවක" නම් කෘතියේ මෙසේ සඳහන් වේ. "කැළණියට මෙපිටින් පිහිටි වැදගත් සිංහල බලකොටුවකි. සීතාවක රාජසිංහ යනු රජ මාලිගයට වඩා යුද පිටියේ රැඳී සිටීමට ප්‍රිය කළ රජෙකි. මුල්ලේරියාවේ මාළිගාතැන්නද එලෙස තාවකාලික ලැගුම් මාලිගයක් විය. මායාදුන්නේගේ රාජ්‍ය පාලන සමයේදී තරුණ ටිකිරි කුමරු විසින් පෘතුගීසි දස්නාවක් සමූළඝාතනය කරන ලද්දේ මෙිදී ය. පෙරදිග රටකදී අපරදිග ජාතියක් ලැබූ ප්‍රථම ‍ෙඔතිහාසික පරාජය එයයි. පෘතුගීසි සෙබලුන් 1600ක් මරා දැමුණු අතර ඔවුන්ගේ හමුදා කොළඹ කොටුවට සීමා වූයේ මෙම සටනින් අනතුරුව ය."

"මම කාටවත් කඩේ යන්නේ නැහැ. මට මේ ශිල්පය ගැන හොයන කෙනෙක්..." කියා අපහට ලිපියක් ‍එවන මොහු ඉතිහාස විකෘතියට පහතින් දමා ඇත්තේ කරුණාපාලගේ වෙබ් අඩවියෙන් ඉතිහාසය උගෙන ගන්නා ලෙස ය. දැරණියගලගේ හෙළයේ ත්‍රාස්‍ය ජනක ක්‍රීඩා පොතේ ඇති කරුණු වලින් තොර කිසිඳු ඉතිහාස කරුණක් කරුණාපාලගේ වෙබ් අඩවියේ නොමැති නිසාත්, මෙයට වඩා ඕනෑතර්ම් මුල්ලේරියා සටන ගැන ලියැවුණු ලිපි ‍අන්තර්ජාලයේ ඇති බැවිණුත් මොහුගේ අපක්ෂපාතීත්වය අපට ලෙහෙසියෙන්ම මැන ගත හැකි ය. 

අප මෙසේ කියන්නේ රාජාවලිය ඇතුළු ඉතිහාසයේ ඔප්පු කළ හැකි සාක්ෂි තිබෙන නිසා මිස අජන්තට කඩේ යන නිසා යයි වරදවා වටහා ගෙන මොකෙක් හරි අන්වර්ත නාමයකින් පෙනී සිට "අංගංහොරු කියන්නේ අජන්තගේ වැඩක්" කියා අපහට අවමන් කිරීමට නොවේ. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි සිංහලයා බය නැත. ඒ නිසාවෙන්ම අජන්ත ඔහුගේ ලිපියේ කියා ඇති තොරතුරු නිවැරදි බවත් මේ කරුණාපාලගේ බත් පිඟානට ලෝභකමින් ඔහුට කඩේ යන බත් බැලයා කියන්නේ මුග්ධ ප්‍රකාශයක් බවත් පැහැදිලිව ප්‍රකාශ කරමු.

කෙසේ වෙතත් කරුණාපාල ඇතුළු අංගම්හොරුන්ට කිව යුත්තේ සරළ කතාවකි. තම තමන්ගේ කාර්යන් කරගෙන යන්න. ඉතිහාසය විකෘති නොකරන්න. මේ රටේ සටන් ඉතිහාසය යනු මේ රටේ සටන් ශිල්පයේ ජීවයයි. එයට අත නොතබන්න.

25 comments:

  1. එතකොට අජන්ත හරියි කියලා ඔබලා පිළිගන්නවද?

    ReplyDelete
  2. ආයුබෝවන්,

    අපි අජන්ත හරියි කියලා කියලා නැහැ. කියලා තිබෙන්නේ ඔහුගේ අදාල ලිපියේ ඇති ඉතිහාසය නිවැරදියි කියන එක විතරයි. එහෙම කිව්වයි කියලා බල්ලා මල්ලෙන් එලියට පැන්න කියා කොමෙන්ටුවක් ‍එවා තිබුණා. දැනුම් දිය යුත්තේ මෙයයි. අපි කොමෙන්ටුවක් ප්‍රසිද්ධ කරන්නේ අපේ නීති රීති පද්ධතියට හා ඇතුළත් වන්නේ නම් පමණි. ඒවා නම් ඉංග්‍රීසි අකුරු හා භාෂාව භාවිතා නොකිරීම, සභ්‍ය වචන හා භාෂා භාවිතය නොවීම, මාතෘකාවට අදාල නොවීම, තමන්ගේ "නොමනා මතයක්" මෙම බ්ලොගය තුළින් සමාජයට ගෙන යාමට උත්සාහ කිරීම වැනි කරුණුයි.

    ReplyDelete
  3. ඔබම ඉතිහාසය විකෘති කර ඇති බවක් පෙනෙනවා. එක තමයි ටික්රි කුමරු , සීතාව රාජසිංහ නොහොත් 1 රාජසිංහ රජතුමා රාසිං දෙවියන් ලෙස සදහන්කොට තිබීම. රාසිං දෙවියන් ලෙස සලකනු ලබන්නේ 11 රාජසිංහ රජතුමායි. 1 රාජසිංහ නොවේ .

    ReplyDelete
  4. ආයුබෝවන් දික්සඳ,

    දෙවන රාජසංහ හා පළමුවන රාජසිංහ යන රජවරු දෙදෙනාම "රාසිං දෙවියන්" යන නමින් ජන වහරේ භාවිතා වුණා. ඒ බව ඔබට 2011-11-07 වන දින දිවයින සියපත කොටසේ පළවූ ලිපියක් වන විමලධර්ම රජුගේ හපන්කම් නම් ලිපියේ සඳහන් "...මෙම රජුන් නවදෙනාගෙන් (උඩරට රජවූ) තේජෝබල පරාක්රවමයෙන් හා සෞරවීර්ය භාවයෙන් අගපත් වූයේ දෙවැනි රාජසිංහ රජුතුමාය. සීතාවක රාජසිංහයන්ගෙන් පසුව ප්රතතිකාල්බලය බිඳ දමන ලද්දේ දෙවෙනි රාජසිංහයන් විසිනි. එබැවින් මේ රජුන් දෙදෙනොටම "රාසිංදෙවියෝ" නමින් ආමන්ත්රරණය කිරීමට රටවැසියෝ පුරුදු වූහ. පහතරට ප්රතදේශවල රාසිං දෙයියෝ නමින් ව්ය්වහාර වූයේ සීතාවක රාජසිංහ රජතුමාය. උඩරට ප්රපදේශවල රාසිංදෙයියෝ නමින් ව්යනවහාර වූයේ දෙවෙනි රාජසිංහ රජතුමාය. එතැන් පටන් රජවූ සෑම රජුන්ටම සාමාන්ය්යෙන් "රාසිංදෙයියන්" යන නම ව්ය්වහාර වූ බව සිතන්නට පුළුවන." මෙම ලිපිය මෙතනින් බලන්න.

    කෙසේ වුවත් දෙවන රාජසිංහ රජු යනු වෙස්වලාගෙන සමාජයේ ඇවිදිමින් හොඳ මෙන්ම අසාධාරණකම් ද කළ රජතුමෙකු නිසා එතුමා සම්බන්ධව ජනකතා ඇත. කෙසේ වුවත් සටන් පරම්පරාවක ඉපිත එහි පරතෙරට ගිය ලංකාවේ අන්තිම රජු ලෙස අපි දෙවන රාජසිංහයන්ට ගරු කරමු. කෙසේ වුවත් එකල ජනවහරේ "දෙවි" යන පදය යෙදුවේ සියලු ආඥාවන්ට යටත් බව පෙන්වීමට ය.

    මේ කරුණු හිතේ තබාගෙන නැවත මා විසින් ඉහත සඳහන් කර ඇති කරුණ බලන්න. ටිකිරි කුමාරයා නම් සටන් ශිල්පියාව රාසිං දෙවියන් යනුවෙන් "සටන් ශිල්පීන් හඳුන්වන බව" මා ප්‍රකාශ කොට ඇත. සාමාන්‍ය ජනතාවගේ සංස්කෘතිය හා අංගම්පොර ශිල්පීන්ගේ සංස්කෘතිය බද්ධ වී තිබුණද අංගක්කාර උප සංස්කෘතියේදී රාසිං දෙවියන් යනු මේ ‍රටේ දී බටහිර ජාතිකයින්ට හිරිගඩු පිපෙන සේ සටන් කොට ප්‍රතිකාලුන්ට එරෙහිව යුධ කිරීමේ හේතුවෙන් හා ඉතා කුඩා කලම සටන් ශිල්පයේ ප්‍රවීණයෙකු වීම හා ලංකාවේ බොහෝ සටන් පරම්පරාවන්ට නම්බු නාම හා සන්නස් ලබා දෙමින් ඔවුන් දිරිමත් කළ නිසා අදටත් අංගක්කරුවන් රාසිං දෙවියන් ලෙස සලකන්නේ පළමු රාජසිංහයන් ය. දෙවන රාජසිංහයන්ද හොඳ සටන් ශිල්පියෙකු වුවද පළමු රාජසිංහයන් තරම් අංගම්‍ ශාස්‍ත්‍රයේ උන්නතියට වැඩ කොට නැත. එම නිසා සටන් ශිල්පීන් දේවත්වයෙන් දෙවන රාජසිංහයන් සලකන්නේ නැත. දේවත්වයෙන් සලකන්නේ නම් ඒ පළමු රාජසිංහයන් පමණි.

    ReplyDelete
  5. ආයුබෝවන්

    මා දන්නා පමණින් අංගක්කාර උප සංස්කෘතියේදී රාසිං දෙවියන් ලෙස 1 රාජසිංහ රජු අදහන්නේ කරතොට අජන්ත ගේ පරම්පරාවේ අය පමණි. වෙන කවුරුන්ද යන වග සදහන් කරන්න. සමහරවිට ඔබත් අජන්තගේ කණ්ඩායමේ පුද්ගලයකු නිසාදෝ එයම ඔබේ මුල් ලිපියේ සදහන්කොට තිබෙනවා.

    ReplyDelete
  6. ආයුබෝවන්,

    අජන්ත යනු කොරතොට පරම්පරාවේමද යන්න තවමත් අපට පැහැදිලිව ඔප්පු වී නැත. කොරතොට අය නම් රාසිං දෙවියන් ඇදහිය යුතු බව රාජාවලියෙන්ම පැහැදිලි වේ. අජන්ත කොරතොට පරම්පරාවේද නැතිනම් කොරතොට පරම්පරාව භාවිතා කරනවාද යන්න පැහැදිලි කිරීම අජන්තටම භාරය. අප දන්නා පරම්පරා රාශියක් ටිකිරි කුමාරයාට මල්පැලක් ඇටවීම සිදු කරනු ලැබේ. අප අජන්තගේද නැද්ද යන්නට පිළිතුරු දී හමාර ය. ලංකාවේ සටන් ශිල්පීන් දේවත්වයෙන් අදහන්නේ මහා සම්මත මනු රජ, පත්තිනි මෑණියන්, කතරගම මහසෙන්, රාවණ්නා හෙවත් රාවණා රජ, කාලි මෑණියන්, රාසිං දෙවියන් වැනි පුරාණ සටන් ශිල්පීන් ය. කෙසේවුවද රාසිං දෙවියන් යනු අජන්තගේ වත් වෙනත් කාගේ වත් බූදලයක් නම් නොවන බව මතක තබා ගත යුතු ය. මන්ද ඉතිහාසය විකුණා සල්ලි හම්බ කිරීම ‍දැන් බොහෝ අයගේ රාජකාරිය වී ඇත.

    ReplyDelete
  7. ආයුබෝවන්,

    පීතෘ ඝාතක චෝදනාව ලත් , පසුව ශිව භක්තියෙක් වූ 1 රාජසිංහ රජු කෙසේ දෙවියෙක් ලෙස අදහන්නද? හෙළ අංගක්කරුවන් සියලුදෙනාම බුදුදහම අදහන්නෝය. කිසි කෙනෙකු ශිව ලබ්ධික වූ, සීතාවක රාජ්‍යය පුරා වූ වෙහෙර විහාර විනාශ කරමින් සංඝයාවහන්සේ ඝාතනය කළ, ධර්ම ග්‍රන්ථ සිය ගණනින් ගිනි තැබූ 1 රාජසිංහ දෙවිකොට තකන්නේ නැත. එසේ දෙවිකොට තකනවානම් එය මුලාවකි.

    ReplyDelete
  8. ආයුබෝවන්,

    ඔබ මහාවංශයේ ටිකිරි කුමරුට කරන සාමාන්‍ය චොදනා දෙකම මෙහි දක්වා ඇත. ඉන් පළමු වැන්න වන්නේ පීතෘ ඝාතක චෝදනාවයි. මායාදුන්නේ මිය යන විට වයස අවු. 80ක මහල්ලෙක් වූ අතර ටිකිරි කුමරු කඩුවෙන් කොටා මැරූ බව චෝදනා කරයි. කෙසේ වෙතත් මේ වන විට ටිකිරි කුමරු සිටින්නේ බියගම ය. බියගම සිටි ටිකිරි කුමරු මායුදුන්නේට කඩුවෙන් කෙටුවේ කෙසේ දැයි ප්‍රශ්නයකි. ටිකිරි කුමරු තම පියා මැරීම සම්බන්ධයෙන් ජනප්‍රවාද හා පොත්පත් වල විවිධ චෝදනා එල්ල කරයි. අත්වැරදීමකින් මැරුණා. සහචරයෙකු හරහා වස දී මැරුවා, කඩුවෙන් කොටා මැරුවා ආදිය මේවා ය. මෙම චෝදනා වල ඇති පැටලිලි සහගත බවින්ම කටකතා හා ටිකිරි කුමරුට විරුද්ධ භික්ෂූන් හා විද්වතුන් ලියූ පොත්වලින් පීතෘ ඝාතකයකු කොට ඇති බව පෙනේ. කෙසේ වුවත් මායාදුන්නේ මිය යන විටත් ටිකිරි කුමරුට රජකම දීමට තීරණය කොට තිබුණි. එම නිසා පියා මැරීමේ උවමනාවක් නොමැත. මහා වංශය ලියූ භික්ෂූන් ටිකිරි කුමරු සමඟ තිබුණේ වෛරයකි. එයට හේතුව වන්නේ ටිකිරි කුමරු විසින් තමා මැරීමට සැලසුම් කළ හිමිවරුන් 160ක් දියේ ගිල්වා මැරීමයි. තමන් ‍පෘතුගීසීන් රටින් එලවීමට උත්සාහ කරන විට චීවරධාරීන් තමාව මැරීමට උත්සාහ කිරීමේදී රජු එවැන්නක් කිරීම රජකෙනෙකු ලෙස ගත් කළ සාධාරණය. හාමුදුරුවරු පන්සිල් නොරැක ටිකිරි කුමරුට පන්සිල් රැකීමට කීම විහිලුවකි. ටිකිරි කුමරුට ශිව ආගම වැළඳ ගැනීමේ චෝදනාවද එම කතාවේම තවත් සැලසුමක් පමණි. ටිකිරි කුමරු ඇදහූවේ පත්තිනි මෑණියන්, කාලි මෑණියන් වැනි දෙවිවරු ය. සමහරුන් සිතා සිටින්නේ මේ දෙදෙනාම ශිව ආගමේ කියා ය. නමුත් පත්තිනි මෑණීයන් යනු ඇතන්ස් නුවර දක්වා යුද්ධ කොට හෙළ අධිරාජ්‍ය බිහි කළ යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. කාලි මෑණියන් යනු මහියංගණ ප්‍රදේශයේ ජීවත් වූ රාවණා රජුයේ කාන්තා බලකායේ නායිකාවයි. අදටත් කාලි මෑණියන්ගේ පරම්පරාවේ මිනිසුන් මහියන්ගණ ආශ්‍රිතව කාලි මෑණියන් අදහමින් ජීවත් වෙයි.

    සරළ පැහැදිලි කිරීමක් කළ යුතුය. අංගම් ශාස්ත්‍රයේ දේවත්වයෙන් අදහන්නේ මුනිවරුන් නොවේ. සටන් කරුවන් ය. සටන් කරුවන් කරන්නේ සතුරන් මරණ එක ය. පෘතුගීසීන්ගෙන් රට බේරාගැනීමට වෙහෙස වු ටිකිරි කුමරු පෘතුගිසීන්ට ජාතක වූ අයට "මිනීමරුවෙක්" වීම තම තමන්ගේ ජාතකයේ ප්‍රශ්නයක් මිස ටිකිරි කුමරාගේ ප්‍රශ්නයක් නොවේ.

    ReplyDelete
  9. රාසිං දෙවි 1 රාජසිංහ රජුද 11 රාජසිංහ රජුද යන්න මිසක් , ජාතකය පිලිබඳ ගැටළුවක් මෙහිදී මා කතා නොකළ බව ඔබ තරයේ සිහියට ගත යුතුය . I රජු පෘතුගීසීන්ට විරුද්ධව සටන්කොට රට බේරාගැනීමට උරදුන් වීරවරෙයෙක් බව සැබැය .එහෙත් හිතාමතාම හෝ වැරදීමකින් හෝ ටිකිරි කුමරු අතින් සිය පියා ඝාතනය වූ බව නම් විවාදයක් නැත. පියා ඝාතනයේ පාපකර්මයෙන් මිදීමට බුදු දහමෙන් මගක් නොවූ කල , ශිව ලබ්ධිකයෙක් වුයේ එහෙයිනි. ශිව ආගමික නායකයන්ගේ පදයට නැටු 1 රාජසිංහ හැට ඈඳුත්තක් භික්ෂුන් ඝාතනය කර තවත් පාපකර්මයක් කරගන්න ලදී. . සීතාවක පළමු රාජසිංහ රජතුමා විසින් කරවූ බැරැන්ඩි කෝවිල මීට එක නිදසුනක්. රටේ භික්ෂුන් හිතුමනාපෙට රජුට විරුද්ධ වීමට හේතුවක් නොමැත.දක්ෂ සටන් කරුවෙක් වුවත් තමන් විසින්ම ගොඩ නගාගත් අභිමානය , තමන්ම විනාශ කරගත් රජෙක්.

    ඉතින් එදා සිට බුදු දහමට ගරහමින් සිටිද්දීත් , . අනික බුදු දහම අනුව මෙතරම් පාපකර්ම කරපු කෙනෙක් දෙවි කෙනෙක් වෙන්න පුලුවන්න්ද ? ඒ රජුටම ආවැඩු අන්ධ භක්තික සටන් කරුවන් තමයි අදටත් 1 රාජසිංහ රජුට රාසිං දෙවි කියා කියා ඉන්නේ. කොතරම් වීරයෙක් වුවත් හෙළ සටන්කරුවෙක් තම ආගමට ජාතියට එරෙහි වු i රාජසිංහ රජු , රාසිං දෙවි ලෙස වැදුම් පිදුම් කිරීමට කැමති නැත. අනිත් හේතුව නම් කරුණු එසේ තිබියදී , උඩරැටියන් කෙසේවත් කුඩා රාජ්‍යක් පාලනය කල, සිය ආගමට දහමට එරෙහි වූ සීතාවක ප්‍රදේශය පාලනය කල I රාජසිංහ රජුට වැදුම් පිදුම් කරන්නටත් රාසිං දෙවි ලෙස එතුමා පිළිගන්නටත් සුදානම් නැත.

    II රාජසිංහ රජු දුෂ්ඨ පාලකයකු වශයෙන් හැඳින්වීමට අවශ්‍ය වූයේ ලංදේසීන්ට හා ඔහුට විරුද්ධව තොරතුරු ලියූ පුද්ගලයන්ටය. මෙම කාලයේ ලියවී ඇති බොහෝ මූලාශ්‍රවල කතුවරුන් II රාජසිංහ රජු විරුද්ධවාදීන්ය. එනිසා එම මූලාශ්‍ර ලක්‌පනාකාරීව පරිශීලනය කළ යුතුය. II රාජසිංහ රජු රණශූරයකු මෙන්ම දක්‍ෂ රාජ්‍ය පාලකයකු ද විය. අවස්‌ථානුකූලව තීරණ ගන්නා නායකයකු විය. ප්‍රබල විජාතිකයන් දෙපිරිසකගෙන් ලංකාව ආරක්‍ෂා කරගැනීමේ ගෞරවය එතුමාට හිමිවිය යුතුය. එබැවින් රාජසිංහ රජු ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී පාලකයකු වන්නේය. එතුමා රාත්‍රි කාලයේ පවා වෙස්‌වලාගෙන ගොස්‌ තම රට පිළිබඳව තොරතුරු එකතු කර ඇත. තම ජීවිත කාලයම කැපකළේ ලාංකීය නිදහස දිනා ගැනීම සඳහාය. එනිසා අදටත් ඔහු මහජන හදවත් තුළ ජීවත් වේ. දේවත්වයෙන් අදහනු ඇත. "රාසිං දෙයියෝ" නමින් හෙටටත් අදහනු ඇත.



    ඉතින් එදා සිට බුදු දහමට ගරහමින් සිටිද්දීත් , . අනික බුදු දහම අනුව මෙතරම් පාපකර්ම කරපු කෙනෙක් දෙවි කෙනෙක් වෙන්න පුලුවන්න්ද ? ඒ රජුටම ආවැඩු අන්ධ භක්තික සටන් කරුවන් තමයි අදටත් 1 රාජසිංහ රජුට රාසිං දෙවි කියා කියා ඉන්නේ. කොතරම් වීරයෙක් වුවත් හෙළ සටන්කරුවෙක් තම ආගමට ජාතියට එරෙහි වු i රාජසිංහ රජු , රාසිං දෙවි ලෙස වැදුම් පිදුම් කිරීමට කැමති නැත. අනිත් හේතුව නම් කරුණු එසේ තිබියදී , උඩරැටියන් කෙසේවත් කුඩා රාජ්‍යක් පාලනය කල, සිය ආගමට දහමට එරෙහි වූ සීතාවක ප්‍රදේශය පාලනය කල I රාජසිංහ රජුට වැදුම් පිදුම් කරන්නටත් රාසිං දෙවි ලෙස එතුමා පිළිගන්නටත් සුදානම් නැත.

    II රාජසිංහ රජු දුෂ්ඨ පාලකයකු වශයෙන් හැඳින්වීමට අවශ්‍ය වූයේ ලංදේසීන්ට හා ඔහුට විරුද්ධව තොරතුරු ලියූ පුද්ගලයන්ටය. මෙම කාලයේ ලියවී ඇති බොහෝ මූලාශ්‍රවල කතුවරුන් II රාජසිංහ රජු විරුද්ධවාදීන්ය. එනිසා එම මූලාශ්‍ර ලක්‌පනාකාරීව පරිශීලනය කළ යුතුය. II රාජසිංහ රජු රණශූරයකු මෙන්ම දක්‍ෂ රාජ්‍ය පාලකයකු ද විය. අවස්‌ථානුකූලව තීරණ ගන්නා නායකයකු විය. ප්‍රබල විජාතිකයන් දෙපිරිසකගෙන් ලංකාව ආරක්‍ෂා කරගැනීමේ ගෞරවය එතුමාට හිමිවිය යුතුය. එබැවින් රාජසිංහ රජු ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී පාලකයකු වන්නේය. එතුමා රාත්‍රි කාලයේ පවා වෙස්‌වලාගෙන ගොස්‌ තම රට පිළිබඳව තොරතුරු එකතු කර ඇත. තම ජීවිත කාලයම කැපකළේ ලාංකීය නිදහස දිනා ගැනීම සඳහාය. එනිසා අදටත් ඔහු මහජන හදවත් තුළ ජීවත් වේ. දේවත්වයෙන් අදහනු ඇත. "රාසිං දෙයියෝ" නමින් හෙටටත් අදහනු ඇත.

    ReplyDelete
  10. ආයුබෝවන්,

    ජාතක තොප්පිය ඔබ විසින් බලෙන් දමාගෙන ඇති බව පෙනේ. කෙසේ වෙතත් ඔබ විසින් ටිකිරි කුමරුට කරන චෝදනා වලට පිළිතුරු මෙසේ ඉදිරිපත් කරමු.

    1. අප මුල්තැන දෙන්නේ පළමුවැන්නාට මිස දෙවැන්නාට නොවේ. කෙසේ වෙතත් දෙවන රාජසිංහයන් තමන්ගේ රාජප්‍රාප්ති‍ උත්සවයේදී තමන්ගේ මීමුත්තෙකුගේ නම වන රාජසිංහ යන්න යොදන ලෙස ප්‍රකාශ කරයි. එයට හේතුව වන්නේ දෙවන රාජසිංහයන් තුළ පළමු රාජසිංහයන්ට තිබූ ගෞරවය නිසා ය. අවුරුදු 7දී අංගම් සටනේ 7වන පියවරත් අවුරුදු 14 වන විට අවසන් පියවරත් හැදෑරූ දක්ෂයෙකු වන ටිකිරි කුමරු යනු තමා විසින්ම යුධ බිමට බැස යුද්ධ කළ වීරවරයෙකි. අංගම් සටන් කරුවන්ට නම් නියම් ගම් හා නම්බුනාම දුන් ඔහු අංගම්මඩු රාශියක් තම රාජ්‍ය තුළ ඉඳිකළ අතර කම්මල් කරුවන්ට හා යුද්ධ ආශ්‍රිත පුද්ගලයින්ට කළ මෙහෙය අන් කිසිම ‍ර‍ජකෙනෙකු නොකළමනාය.‍ එම නිසාවෙන්ම දෙවන රාජසිංහයන් පවා පළමු රාජසිංහයන්ම දේවත්වයෙන් සැලකුවාට සැක නැත.

    2. ටිකිරි කුමරු පීතෘ ඝාතකයෙකු නම් රාජාවලිසේ "මායාදුන්නේ රජ උකුත් වූ බව අසා ධර්මපාල රජ කෝට්ටේ සේනාවත් ප්රාතිකාල් සේනාවත් පිටත්ව ඇවිදින් මාඒදණ්ඩේ වාඩි ලූවාහ." යන වාක්‍ය "මායාදුන්නේ රජ මරා දැමුණු බව අසා..." ලෙස වෙනස් විය යුතු ය. එසේම මානියංගම හිමිගේ "සීතාවක රාජ්‍ය කාලය" නම් පුස්කොල පොතේ ටිකිරි කුමරුට රජකම ප්‍රසිද්ධියේ පැවරීමෙන් පසු මායාදුන්නේ රජ මියගිය බව පැවසේයි.

    3. බුදු දහමට විරුද්ධව ටිකිරි කුමරුන් වැඩ කලේ නම් ටිකිරි කුමරුගේ රාජ්‍ය කාලය තුල දෙල්ගම සිට මානියංගමට වාර්ෂිකව ‍දළදා පෙරහැර නොකඩවා කළේ ඇයි. ටිකිරි කුමරු විසින් කරවන හා ප්‍රතිසංස්කරණය කරන ලද විහාර රාශියක් අදටත් මානියංගම සිට මුතියංගන දක්වා ඉසව්වේ දක්නට ඇත. සිය ගණනක් පත්තිනි හා මහසෙන් දේවාල සීතාවක දිසාවේ අදටද දක්නට ඇත. නමුත් ටිකිරි කුමරු විසින් සෑදූ එකදු කෝවිලක් වත් දක්නට නැත.

    4. බැරැන්ඩි කෝවිලේ නියම මුල් නාමය වන්නේ "කාලි බැරැන්ඩි දේවාලයයි". එනම් කාලිමෑණියන්ට පුද පූජා කිරීමට මායාදුන්නේ විසින් සාදන ලද දේවාලයකි. මේ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් දැනට ඔප්පු වී ඇත. එනිසා ටිකිරි කුමරු සෑදූ බැරැන්ඩි කෝවිලක් නැත. එතුමා එයට ගොස් සූර්ය නමස්කාරය කොට වන්දනාමාන කලා පමණි. මෙයට "කෝවිල" යන නම එකතු කලේ පෘතුගීසීන් ය.

    5. රාජ්‍ය ද්‍රෝහී මැරීම රාජ්‍ය නීතියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ පවා ඇහැලේපොල පවුල මරණවිට ප්‍රකාශ කලේ "මේක මගේ නීතියක් නොවේ. උඹලගේ නීතිය. රාජ්‍ය ද්‍රෝහීන් මැරිම රාජ්‍ය නීතියයි" කියා ය. ටිකිරි කුමරුගේ පුතා වන "ධර්ම" කුමරයා මරන්නේ ද හාමුදුරු නමකි. එතකින් නොනැවතුණු ටිකිරි කුමරුට විරෝධී චීවරධාරීන් ටිකිරි කුමරුට මායාදුන්නේ විසින් පවරන ලද රාජ්‍යත්වය උදුරා ගැනීමට ද උත්සාහ කළේ ය. මැරිය යුතු තැන හාමුදුරුවරුන් මැරුවාට ටිකිරි කුමරු අනන්ත අප්‍රමාණ වෙහෙර විහාරවලට උදව් කොට ඇත.

    අවසාන වශයෙන් ඔබ අජන්ත සමඟ ඇති වියරුව ටිකිරි කුමරු මතින් නොයවන ලෙස කාරුණිකව ඉල්ලමි. සරළව පැවසිය යුත්තේ ටිකිරි කුමරුව ඉතිහාසයෙන්ද අතුගා දැමීමට පෘතුගීසීන් කළ කුමන්ත්‍රණයේ ඔබ පැටලී ඇති බවයි. මෙය හරියටම මුල්ලේරියාව අමතක කිරීමට මුල්ලේරියාවේ පිස්සන් කොටුවක් සෑදීම වැනිම ක්‍රියාවකි. තෙරුවන් සරණයි.

    ReplyDelete
  11. මාතෘකාවට බහිරව යමක් කතා කල නිසයි ජාතකය පිලිබඳ පැහැදිලි කලේ. අජන්ත පමණක් නොව I රාජසිංහ රජු රාසිං දෙවියන් ලෙස සලකන සියලුම දෙනාට එකසේ විරුද්ධ වෙමි. සීතාවක රාජසිංහ රජුට මගේ ඉහලම ගෞරවය පුද කරමි. මා කිසි විටෙකත් ඔහු රණ ශුරයෙක් නොවන බවටවත් ඉතිහාසයෙන් ඔහුව අතුගා දැමිය යුතු බවටවත් ප්‍රකාශ නොකෙලෙමි . එහෙත් රාසිං දෙවි ලෙස නම් පිලි නොගනිමි. ඔබේ හුදු තර්ක වලට මෙසේ පිළිතුරු දෙමි.

    1. II රාජසිංහ රජුද I රාජසිංහ රජු මෙන් අංගම් ශාස්ත්‍රයේ උන්නතිය පිණිස කටයුතු කල බව කිව යුතුය. ගන්නෝරුවේ සටනින් ජයගැනීම වනාහි එක් උදාහරණයක් පමණි. ඒදඬුවාව දිසා මහතා දක්‍ෂ අංගං ශූරිය බිහිවන්නේද එකල II රාජසිංහ රජු අංගම් ශාස්ත්‍රයෙහි උන්නතියට කටයුතු කල හෙයිනි.
    ඔබගේ පලවෙනි කරුණෙන් මතුවන තව ගැටළුවක් නම් ටිකිරු කුමරු අවුරුදු 14 වන විට අංගම් ශිල්පයේ නිපුනයෙක් වූ වා නම් , අජන්ත පෙරේරා නැමැත්තාට අංගම් හොරෙකු ලෙස ඔබ චෝදනා කරන්නේ පදනම් විරහිතවය. ඔබ එහි දක්වා ඇත්තේ "තරුණයෙකි. අංගම් වැනි පුළුල් ශාස්ත්‍රයක් හැදෑරීමට ප්‍රමාණවත් වයසක් නොමැත්තෙකි. ...... " යන්න වශයෙනි. ටිකිරි කුමාරට අවුරුදු 14 න් හැකීවුවනම් ඔබ අජන්ත චෝදනා පදනම් විරහිත චෝදනා එල්ල කරයි. මෙයින් අජන්ත කෙරෙහි වියරුව ඇත්තේ ඔබටද මාටද යන්න පැහැදිලිවෙනවා මෙන්ව , වගකීමෙන් තොරව දිව දෙකේ ප්‍රකාශ ඔබම ඔබේ බ්ලොග් අඩවියේ සදහන් කරයි.

    2 . රජුට පක්ෂපාත ලියවලි වල , රජුට විරුද්දව කිසිම දෙයක් නොලියෙන බව කිව යුතුය. මහාවංසය , චුලවංශය, මන්දාරම් පුර පුවත ආදී මූලාශ්‍ර බොහොමයක සිතාමතා හෝ වරදීමෙකින් හෝ I රාජසිංහ අතින් සිය පියා මියගිය බව සදහන් වේ. එම නිසා එම චෝදනාවෙන් නම් බැහැරවිය නොහැක.

    3,4. සීතාවක රාජසිංහ රජු පියා මැරූ පාපයෙන් මිදීමට අරිට්‌ඨකී වෙණ්‌ඩු පෙරුමාල්ගෙන් උපදෙස්‌ දෙකක්‌ ලබාගෙන ඇත. එනම් භික්‍ෂුන් 120 දියේ ගිල්වා මරා දැමීම හා "බ්‍රාඩි" නම් යක්‍ෂණියට පූජාවක්‌ සඳහා ඇගේ නමින් කෝවිලක්‌ ඉදිකිරීමත්ය. එදා රාජසිංහ රජු ආඬිගුරුගේ උපදෙස්‌ මත ඉදිකළ බ්‍රාඩි කෝවිල අද තල්දුවේ විද්‍යාමාන වන බැරැන්ඩි කෝවිල බව බොහෝ වියතුන්ගේ අදහස වේ. එහෙත් එය පිළිගැනීමට නොහැක්‌කේ ක්‌වෙරෝස්‌ගේ ග්‍රන්ථයේ බරැන්ඩි කෝවිල මායාදුන්නේ රජු සමයේ ඉදිකළ බව දැක්‌වීම නිසාය. එහෙත් ක්‌වෙරෝස්‌ගේ යනු ලන්දේසි පූජක වරයෙකි. එහෙයින් පරදෙසක්කරයෙන්ගේ වාර්තා කෙසේ පිගන්නවාද යන්න තීරණය ඔබට සතුය.

    5. මට ඔබෙන් අසන්නට තිබෙන ගැටලුව නම් , ඔබ කියන චීවරධාරීන් රජුට විරුද්ධ වුයේ ඇයි ද යන්නය. කෙසේ වෙතත් භික්ෂුන් ඝාතනය කල කෙනෙකු බුදු දහම අනුව දෙවි කෙනෙක් ලෙස සැලකීමට හැකිද ? එසේනම් මා නැවත අවිවාදයෙන් ඔබට පසක් කර දෙන්නේ පිදිය යුත්තන් පුදන්න. II රාජසිංහ රජුයි රාසිං දෙවි වනුයේ..

    ReplyDelete
  12. ආයුබෝවන්,
    රාසිං දෙවියන් ලෙස මේ රජුන් දෙදෙනාම සාමාන්‍ය ජනතාව අදහන බව මා මුලින් ප්‍රකාශ කොට ඇත. එම නිසා ඔබේ විශ්වාසයට මාගේ විරුද්ධත්වයක් නැත.

    1. ලංකාවේ සටන් පරම්පරාවලට උදව් කිරීම සෑම යක්ෂ ගෝත්‍රික රජ කෙනෙකුම සිදු කොට ඇත. ලංකාවේ අවසන් යක්ෂ ගෝත්‍රික රජු වන දෙවන රාජසිංහයන්ද එසේ කලෝය. එයට ගරු කරමු. නමුත් අංගක්කරුවන් ලෙස රාසිං දෙවි නාමයෙන් එතුමන්ව නොඅදහමු.

    අජන්ත ටිකිරි කුමරු වැන්නෙක් බව ඔබට පිළිගත හැකි වුවද අපට බැරිය. එම නිසා එම චෝදනාව කොට ඇත. අපද දැන් එම චෝදනාව ඔහුගෙන් බැහැර කළ යුතු බව ඔහුගේ කඩු පූජා උත්සවය අප්‍රසිද්ධියේ සියැසින්ම දැක ගැනීමෙන් අනතුරුව තේරුම් ගෙන ඇත. නමුත් අප එසේ කළහොත් අනෙක් අය මේක අජන්තගේම වැඩක් කියා අපේ අනන්‍යතාවයට හානි කරනු ඇත. කෙසේ වෙතත් අජන්ත සමඟ ශාස්ත්‍රීය සාකච්ඡාවක් ඊමේල් මගින් ‍දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙමින් පවතී.

    2. ඔව් ඇත්තය. ඒ වගේම රජුට අපක්ෂපාති ලියවිලිවල පක්ෂපාති කිසිවක් නොලියන බව ඔබ දැන ගත යුතු ය. සෑම ඉතිහාස කෘතියකම යම් දේශපාලනයක් ගැබ්ව ඇත. එමනිසා ඉතිහාසය පරිශීලනය කළ යුත්තේ ප්‍රවේශමෙනි. පොතක සඳහන් වූ පමණින් චෝදනා කළ යුතු නොවේ. ඒ සඳහා පුරාවිද්‍යාත්මක, සාහිත්‍ය මෙන්ම ජනප්‍රවාද යන තුනම හොඳින් විමර්ෂණය කළ යුතු ය.

    3, 4. ඔබ මේ කොට පිටපත් කොට ගත්තේ මෙතනිනි. එනම් 2011-01-16 වන දින ජයනි නිසංසලා මාරසිංහ විසින් දිවයින පත්තරයට ලියූ ලිපියෙනි. ඔබ ජයනිගෙන් පිටපත් කොට ගත් කොටස ජයනි පිටපත් කොට ඇත්තේ බී.පී. ගම්ලත් නම් රචකයාගේ "සීතාවක බැරැන්ඩි කෝවිල" නම් ග්‍රන්ථයේ තුන්වන පරිච්ඡේදයේ 2වන පිටුව නොහොත් එම පොතේ 60 වන පිටුවේ පළමුවන ඡේදයෙනි. හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියන්නේ මේවාට ය. මින්පසු පිටපත් කරන විට ටිකක් ප්‍රවේශමේන් එය කරන්න. මන්ද පොත්පත් කියවන අය ලංකාවේ තවත් සිටිනා බැවිණි. ඔබගේ චෝදනාවලට පහත පරිදි සාහිත්‍යාත්මක සාධක ගෙනහැර දක්වමු.

    ReplyDelete
  13. - පැහැදිලි කිරීම

    ඔබ කියන මන්දාරම් පුවත කොනප්පු බණ්ඩාරට පක්ෂපාතී ලියවිල්ලකි. කොනප්පු බණ්ඩාර යනු ටිකිරි කුමරුගේ සතුරෙකි. මහා වංශය මහානාම නම් සොලී හිමිනමක් විසින් ලියන ලද සෑමදාම පක්ෂපාතීව ලියන ලද ග්‍රන්ථයකි. දුටුගැමුණු රජු ගැන පරිච්ඡේද 11ක් ලියා මහසෙන් ගැන නොලියන මට්ටමට පත්වූයේ එම පක්ෂපාතී බව නිසා ය. චූල වංශය ද එසේම ය. ඔබ කියන පරිදි "බ්‍රාඩී " යක්ෂණියකට ‍කෝවිලක් හැදුවානම් එය සිදුවිය නොහැක්කකි. මන්ද යක්කුන්ට කොවිල් හැදුවේ නැත. මන්ද ශිව ආගමේ අදහන්නේ දෙවියන් ය. යක්කුන් නොවේ. යක්කුන් ඇදහුවේ යක්ෂ ගොත්‍රිකයින් ය. එනම් අප ය. චිත්‍රරාජ හා කාලවේලට හැදුවේ දේවාල බව ඔබ මහාවංශය හරිහැටි කියෙව්වානම් අවබෝධ වනු ඇත. එම නිසා ජනප්‍රවාද හා කටකතා වලින් පමණක් ඉතිහාසය මැනිය නොහැකි බව තේරුම් ‍ගෙන පහත තොරතුරු කියවන්න. රාසිං දේවියන්ට අපේ උත්තමාචාරය. ඔබ පිටපත් කොට ඇති බී. පී. ගම්ලත්ගේ කෘතියේ 62 වන පිටුවේ සිට බැලුවානම් ඇත්ත හෙළිවනු ඇත.

    - චෝදනාව 1 - ශිව ආගමිකයෙක් වීම

    සීතාවක බැරැන්ඩි කෝවිල නම් කෘතියේ 3වන පරිච්ඡේදයේ 2 වන පිටුවේ 3වන ඡේදය මෙසේ සඳහන් කරයි. "මේ මූලාශ්‍ර සියල්ල අතුරෙන් යට දැක්වූ සැවුල් සංදේශයේත් කූටෝ හා ක්විරෝස් යන දෙදෙනාගේ විස්තර වලත් බැරැන්ඩි කෝවිල කරවූ රජු හෝ කාලය පිළිබඳ කිසිඳු සඳහනක් නැත." මේ අතර සැවුල් සංදේශයේ 94 වන පද්‍ය මෙසේය.

    සබඳ දිය රම් රවුලු යුද
    මහ භාරත යුදද
    මනරම් කද කුමරු පෙරකල දික් යුදද
    හිමි කොට ඇඳ ඇති නොමසිත්තම් රූ ද
    නෙතු සතොස පිරි ලෙන් දැක ගොස්...

    මෙයින් කියවෙන්නේ බැරැන්ඩි කෝවිලේ තිබෙන රාවණා හා මහසෙන් පින්තූර ගැන ය. ඉන්දියානු ආගමකට අයත් කෝවිලක රාවණා පින්තූර ඇඳීමට හේතුවක් නැත. මදක් සිතා බලන්න.

    ක්විරෝස්ගේ පොතේ බැරැන්ඩි කෝවිල සෑදීමට වසර 20ක් මිනිසුන් 2000ක් වැඩ කළ බව කියයි. නමුත් රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය වන්නේ වසර 11කි. 1551 වන විටත් දේවාලය සාදා නිම කොට ඇති බව ඔහු කියයි. ඒ වන විට රාජසිංහයන් රාජ්‍යත්වයට පත් වී නොමැත. නැවතත් සිතා බලන්න. කෙසේ වුවත් මේ වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ ඇති කාල නිර්ණයට අනුව බැරුණ්ඩි කෝවිල සීතාවක කාලයට වඩා වසර 20කට වඩා පැරණි බව ඔප්පු වී ඇත. කැමතිනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් ඇත්ත දැන ගත හැකි ය.

    එම කෘතියේම 74 වෙනි පිටුව දෙවන ඡේදයේ "රාජසිංහ රජු ගුණ ගරුක බෞද්ධයෙකු බව පෙන්වාදිය හැකි සාධක ද එමට ය. රාජසිංහ රජු බුදුදහමට දැක්වූ අනුග්‍රහය කිතුල්පේ සන්නස හා පැල්මඩුල්ල රජමහා විහාර තුඩපතින්ද හෙලිවේ." යන සඳහන පිළිබඳ අවධානය යොමු කරන්න.

    ඔබ ඉහත කියන ලද චූල වංශයේම 92 පරිච්ඡේදයේ දී රාජසිංහයන් හින්දාලංකාර නම් ශිල්වත් ස්ථවිරනමකගේ උදව්වෙන් 11 වතාවක් දළදා පෙරහැර කළ බව සඳහන් වේ. එනම් එතුමාගේ මුළු රාජ්‍ය කාලයේම දළදා පෙරහැර කොට ඇත. ශිව ආගමිකයෙකු වූයේ මරණින් පසු විය යුතු ය. තවදුරටත් සිතා බලා ඔබම තීරණය ගන්න.


    - චෝදනාව 2 - පීතෘ ඝාතකයෙකු වීම

    බී.පී. ගම්ලත්ගේ "සීතාවක බැරැන්ඩි කෝවිල" නම් ග්‍රන්ථයේ 62 වන පිටුවේ දී "ඇත්ත වශයෙන්ම සීතාවක මායුදුන්නේ රජුගේ මරණයට රාජසිංහ රජු වගකියයුත් බව පෙන්වන මෙම ඉතිහාස පුවත් මුළුමනින්ම නිවැරදි ‍ඒවා ලෙස පිළිගත නොහැකි ය. චූල වංශයේ මේ සඳහන ගැන ලියා තිබෙනුයේ ද අනුමාන වශයෙන් බව පෙනේ." යනුවෙන් සඳහනක් ඇත. එසේම 63 පිටුවේ දී "චූලවංශය ළඟට ඇති අපේ පැරණිතම ඉතිහාස කතා පොත වන රාජාවලියෙහි මේ සම්බන්ධයෙන් කිසිත් සඳහන් නොවීම මේ පීතෘ ඝාතනය පිළිබඳ චෝදනාව ප්‍රතිෂ්ඨා විරහිත ප්‍රලාපයක් බව ඔප්පු කිරීමෙහිලා සැලකියයුතු සාධකයක් වන්නේ ය." යන ප්‍රකාශය බලන්න.

    එසේම පෝල් ඊ පීරිස් විසින් රාජසිංහ 1578 මැයි මාසේ සීතාවක රජු කුමරුට රජකම දුන් බව සඳහන් කොට ඇත. මෙම පීතෘ ඝාතක චෝදනාව එල්ලාවල මේදානන්ද හිමියන් පවා ප්‍රතික්ෂේප කරන අතර දෙවනගල රත්නාලංකාර නම් හිමිනමක් විසින් රාජසිංහ රජුගේ පුතා මැරු බව පිළිගනියි. එසේම මානියංගම පුස්කොල ලිපියේද රාජසිංහ රජු තම පියා නොමැරූ බවට ඒත්තු ගැන්වෙන විස්තර අන්තර්ගතව තිබේ. කොනප්පු බණ්ඩාර නම් ටිකිරි කුමරුගේ විරුද්ධවාදියෙකුට පක්ෂපාති හිමිනමක් විසින් ලියන ලද "අස්ගිරි තල්පතේ" ද පීතෘ ඝාතනයක් ගැන සඳහනක් නැත.

    ReplyDelete
  14. 4. මැරුවේ චීවරධාරීන් වත් නොවන බවත් සුදු රෙදි හැඳගත් ගණින්නාන්සේලා බවටද මතයක් ඇත. එයට හේතුව වන්නේ ගණමැඩි වල ලෙස අද ගණාමැදිරියන්වල යන්න හැඳින්වූ බවට ඇති සාක්ෂියයි. කෙසේ වුවත් සතුරන් මැරූ බොහෝ අය ලංකාවේ ඉතිහාසයේ දේවත්වයට පත්ව ඇත. පත්තිනි මෑණියන් යනු ලෝකයෙන් භාගයක් අල්ලාගත් දරුණු නායිකාවකි. දුටුගැමුණු යනු දෙමළුන් කඩු ගා පසුව දෙව්ලොව සෝවාන් වී සිටින බවට විශ්වාස කරන රජෙකි. පුස්සදේව යුද්ධයෙන් පසු රහත් වූ බව කියවේ. එම නිසා ඔබ ඔබේ රාසිං දෙවියන් අදහන්න. එය අපට ගැටලුවක් නොවේ. නමුත් අංගක්කාරයින්ගේ රාසිං දෙවියන් ගැන අනුන්ගෙන් මොකක් හරි පිටපත් කරගෙන මුග්ධ තර්ක ඉදිරිපත් නොකරන්න. වේලායුධය සාධාරණීකරණය කිරීමට උත්සාහ කලාක් මෙන් මෙයද ඔබේ තවත් අසාර්ථක උත්සාහයක් බවද සලක්න. මේ විවාදය අවිවාදයෙන් ඔප්පු කොට හමාර බවද සලකන්න. ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
  15. ඉතින් මේ ඔක්කොම බොරුකාරයෝ නම් කව්ද ඇත්ත අංගම් උගන්වන ගුරුවරු?

    ReplyDelete
  16. ආයුබෝවන්,

    නිවැරදි අංගම් ශාස්ත්‍රය දන්නා එය දිවි හිමියෙන් ආරක්ෂා කරන පරම්පරා රාශියක් ලංකාවේ ඉන්නවා. එය අය අප්‍රසිද්ධයි.

    තෙරුවන් සරණයි

    ReplyDelete
  17. ඔබේ බ්ලොගයේ ඔබම ඔබේ මතය සපථ කරනවා විනා අන්මත පිළිබිඹු නොකිරීම අරුමයක් නොවෙයි. මාගේ මේ වැයම I සහ II රාජසිංහයන්ගෙන් රාසිං දෙවි යනු කවුරුන්ද යන්න සපථ කිරීම විනා. කිසිම හෙළ රජ කෙනෙකුට අපහස කිරීම නොවේ.

    සරලව පැහැදිලිව මා හට පළමුව කිය යුතුව තිබුනේ මෙයයි . ඔබ ඔබේ මතය කෙසේ සපථ කලත් , හෙළ අංගම් ගුරු කුල පරම්පරාවක සතු ලියවිල්ලක් වන ගුරු දෙවි වරුණ , ගුරු දෙවි වත, ගුරු දෙවි අකුර යනාදී නම් (එක එක ගුරු පරම්පරාවල් මෙයට භාවිතා වන නම් විවිධාකාර වේ ) වලින් හැදින්වෙන මෙහි , I රාජසිංහයන් රාසිං දෙවි ලෙස හදුන්වන්නේ නොමැත්තේ මන්ද යන්න පැහැදිලිව දක්වා ඇත. මෙසේ ශාස්ත්‍රීය කරුණු මුල්ම කොමෙන්ටුවෙන් ප්‍රසිධියේ ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා, ඔබට එම මතව වෙනත් ආකාරයෙන් සපථ කිරීමට බොහෝ අටුවා ටීකා ලිවීමට සිදුවිය. එහෙත් ඔබ I රාජසිංහයන් රාසිං දෙවි ලෙස සලකනවානම් , එයට මාගේ කිසිදු විරෝධතාවයක් නොමැත.

    මේ කතිකාවතෙන්, ඔබගේ බ්ලොගයේ අංගම්හොරෙකු ලෙස සදහන් කර තිබු අජන්ත නැමැත්තා , එම චෝදනාවෙන් නිදහස් කිරීමට ලැබීමත් සතුටට කරුණක්. මන්ද මා සදහන් කල කරුණු වලින් ඔබට තව දුරටත් ඔහුව හොරෙකු ලෙස හංවඩු ගැසීමට නොහැකිව්වෙමයි. අනෙක් හාස්‍ය ජනජ කරුණ නම් , දීර්ඝ කාලයක් ශාස්ත්‍රීය කරුණු හුවමාරු කරගෙන , හොරෙන් ගොස් ඒවා නැරඹීමයි. ඒ කරුණු කෙසේ වුවත් කොන්දක් කියල දෙයක් තියනවනම් , එකිනෙකාගේ මති මතාන්තරවලට බියේ , අජන්තව අංගම්හොරු පිටුවෙන් ඉවත්කර දමන්න. මොකා අපවද නැගුවත් නියම අංගම්කරුවෙක් නම් තම තීරණය නිවැරදි නම් සෘජුව ක්‍රියා කලයුතුය. ඒ සම්බන්ධයෙන් ඔබේ බ්ලොගයෙම වැඩි දුරටත් සදහන්කොට තිබෙනවා.

    අනෙක් කරුණ වන්නේ ගණාමැදිරියන්වල යනුවෙන් දක්වා ඇති ඉතිහාස විකෘත්තියයි. එයට කියන්නේ කනමදිරියන්වෙල යනුවෙන්. ඔබේ හිතේ තිබෙන පුහු මත සනාථ කිරීමට, කාලාන්තරයක් තිස්සේ භාවිතාවෙන නම වෙනස් නොකරන්න.

    අජන්ත මෙන් , ඔබේ බ්ලොගය ඉදිරියේ ශාස්ත්‍රීය කරුණු ඉදිරිපත් කරමින් නිවැරදි පුදගලයකු වීමට , මා විසින් ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය කරුණු (වෙලයුධය හෝ වෙනත් දැනට භාවිතයේ නොමැති අයුධ)පිලිබඳ සාක්ෂි , කොතක් අපවද නැගුවත් නොහදුනන ඔබ වෙත ඉදිරිපත් නොකරන බව තරයේ සිහියේ තබා ගතයුතුය. නිවැරදි ලෙස අංගම් සටන් ශාස්ත්‍රය හදාරනෙකුට එය ලබා ගැනීමට අවැසි නම් , පුරාණ කල සිට පැවැත එන විධි විධාන ඔස්සේ කටයුතු කිරීම මැනවි. මේ සම්බන්ධයෙන් ඔබට මම කලින් වත්වකදීද පසක් කොට දී ඇත. එසේ නැතිනම් අනුන්ගේ පූජා උත්සව හොරෙන් බලා ඉගනගැනීම නොහොබිනා මෙන්ම නිවට ක්‍රියාවක් බව ද මතක තබා ගත යුතුය. යමක් හොරෙන් උගෙන ප්‍රසිධියේ තමන්ගේ බ්ලොගයේ කියන එක ඊටත් වැඩ නිහීන ක්‍රියාවකි. ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියනවනේ.....

    ReplyDelete
  18. ආයුබෝවන්,

    ඔබ ඉහත ප්‍රතිචාරයේ පළමු හා දෙවන ඡේද වලට නැවතත් පිළිතුරු දීමට යාම ජුගුප්තාසහගත නිසා නිහඬ වෙමි. වේලායුධය ගැන ඉදිරියේදී තවදුරටත් විස්තර ඇතුළත් ලිපි පලවන බැවින් මදක් ඉවසා සිටින ලෙසද ඉල්ලමු. හතරවන ඡේදය සම්බන්ධයෙන් කිව යුත්තේ ගණමැඩවල, පසුව ගණාමැදිරියන්වල වී අද වන විට කණමදිරියන්වෙල ලෙස ව්‍යවහාරිකව වෙනස් වී ඇති බව මා පෙර නොදක්වා තිබීම අඩුපාඩුවක් බව පිළිගනිමි. ඔබට සොයා ගැනීමට හැකි වූයේ මෙය පමණක් වීම ගැන සතුටු වෙමු.

    තෙවන ඡේදය සම්බන්ධයෙන් කිව යුත්තේ චෝදනා කරනුයේ අප ය. චෝදනාවෙන් නිදහස් කරනවා නම් එය කරන්නේ ද අප ය. නමුත් ඒ සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. ඒවා අවසන් වී සියලුම ප්‍රවීණයන් එකඟතාවයකට පැමිණි කළ එය සිදු වනු ඇත. එසේ සිදු නොවීමටද පුළුවන. මන්ද එක් සන්දර්ශනයකින් සියල්ල මැන ගත නොහැකි ය.

    අවසන් ඡේදය සම්බන්ධයෙන් කිව යුත්තේ ඔබ රට පටලවාගෙන ඇති බවකි. මන්ද අප අනෙක් අය මෙන් මෙහි ගියේ හොරෙන් යමක් උගෙනීමට නොවේ. අපට අජන්තගෙන් ඉගෙන ගැනීමට දෙයක් තිබේ යයි අප තවදු විශ්වාස කරන්නේ ‍නැත. අජන්තගේ ගෝලයෙකු විසින් ඊමේලය හරහා අපට කරන ලද ආරාධනයකට අනුව අප මෙහි ගිය බවත් ප්‍රසිද්ධියේ අප නොපැමිණෙන බව අප ඔවුන්ට ප්‍රකාශ කළ බවත් අජන්තගේ නිරවද්‍යතාව ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ එක් පියවරක් ලෙස එය සිදු කළ බවත් ඉදිරියේ‍දී අවශ්‍ය වුවහොත් අජන්ත හා සටනකට වුවද එළඹීමට සූදානම් බවත් සියලු දෙනා දැන ගත යුතු ය. තෙරුවන් සරණයි.

    ReplyDelete
  19. මම සිංහල බොදු තරුණයෙක්මි. සත්‍ය අංගම් ගුරුවරයෙකු මා සොයාගන්නේ කෙසේද?

    ReplyDelete
  20. මහාවංශය 100%ක් නිවැරදි කියා හිතන්න එපා. මහාවංශය ලියල තියෙන්නේ ඉන්දියානු සන්බවයට පක්ෂපාති විදියට.. එයට විරුද්ධ උන දේශීය රජවරු කිහිප දෙනෙක්වම ද්‍රෝහීන් විදියට හංවඩු ගහල තියෙනවා.. කාශ්‍යප රජ තුමා මහසෙන් රජතුමා වගේම ටිකිරි කුමරයවත්... ඒවා පිළිගන්න අපේ රටේ මෝඩ මිනිස්සු වීරත්වයෙන් සලකන්න ඕන ශ්‍රී රාවනා වගේ රජවරුනට
    අපහස කරලා ඉන්දියාවට දේශය පවා දීපු විභීෂණ වගේ අයව දේවත්වයෙන් සලකනවා.. පළමුවන රාජසිංහ රජතුමාට උනෙත් ඕකමයි...

    ReplyDelete
  21. මටත් තියෙන එක ප්‍රශ්නයක් ඕක... ඇත්ත අංගම් ගුරුවරයෙක් හොයාගන්න එක... මන් ඉන්නේ පිළියන්දල .. ලොකු උදව්වක් විස්තරයක් දුන්නොත්

    ReplyDelete
  22. සැබෑවටම අංගම්පොර පැතිර ඇති නුතන පළාත් මොනවාද ?

    ReplyDelete

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)